Cricket NewsEXCLUSIVE

ICCය විසින් නම් කරන ලද 2021 වසරේ විශිෂ්ටතම විස්සයි විස්ස කණ්ඩායමට වනිදු හසරංග නම් කෙරේ.!

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි සාර්ථකම වසර ලෙස 2021 වසර සැලකිය හැකිය.

ලෝක විස්සයි-20 පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැඳී සිටිමින් මෙම වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන වනිදු, ලෝක කුසලාන තරඟාවලිය අවසන් කර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ඉන් නොනැවතුණු වනිදු හසරංග විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරග මාලාවක් තුල ක්‍රීඩකයෙකු විසින් දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවද වාර්තා කිරීමට මෙම තරගාවලියේදී සමත් වුණා.

එමෙන්ම ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරගාවලියේද කැපී පෙනෙන දස්කම් දැක්වූ වනිදු හසරංග එහිදී ද එක් තරග වාරයක් තුළ ක්‍රීඩකයෙකු දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා.

මෙවැනි ඉතා ඉහළ දස්කම 2021 වසර පුරාවට දැක්වීමට වනිදු හසරංග සමත්වූයේ ශ්‍රී ලංකා ධජයද ඉහළින්ම තබමිනි.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද (2021)වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

මෙම වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ට හිමිව තිබෙන අතර ඔහු හැරෙන්නට තවත් පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු ඊට ඇතුළත් වේ.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් කරමින් ක්‍රීඩකයකු බැගින්ද වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත සහ ඉන්දීය කණ්ඩායම් නියෝජනය කරමින් ඊට කිසිදු ක්‍රීඩකයකු ඇතුළත් නොවේ.

සමස්තයක් ලෙස වනිදු හසරංග 2021 වසරේදී තරග 20 කදී කඩුලු 36 ක් දවාගත් අතර කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 11.63 කි.පිත්තෙන් ලකුණු 196 ක් ද ලබා ගැනීමට ද ඔහු සමත්විය.

ICC ය විසින් නම් කරන ලද වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම පහතින්,

ජොස් බට්ලර්,
මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා),
බාබර් අසාම් (නායක),
ඒඩ්න් මාක්‍රම්,
මිචෙල් මාෂ්,
ඩේවිඩ් මිලර්,
තබ්‍රේස් ශම්සි,
ජොස හේසල්වුඩ්,
වනිඳු හසරංග,
මුස්ටෆිසූර් රහ්මන්,
ශහීන් අෆ්රිඩි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button