Cricket NewsEXCLUSIVEInternational

තරඟයෙන් පසු මහ රෑ නොමනා ගමනක ගිය “ක්‍රිකට් තරු” පොලිසියට කොටු වෙයි.!

පසුගිය දා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙස පහසුවෙන් ජය ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

එම තරගාවලියේ අවසන් තරගය හොබාර්ට් හිදී පැවති අතර එම තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් රැඳී සිටි හෝටල් පරිශ්‍රයේදී එංගලන්ත කණ්ඩායමේ සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්ව හිමිදිරිය වන තුරුම සාදයක් පවත්වා තිබුණි.

සඳුදා උදෑසන 6ට පමණ එම ස්ථානයට පැමිණි ටැස්මේනුයානු පොලිස් නිලධාරීන් පිරිසක් එය නැවැත්වීමට ක්‍රියාකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා..

එය වීඩියෝගත කර තිබුණේ එංගලන්ත කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙස කටයුතු කරන ග්‍රැහැම් තොර්ප් විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඔහු එම වීඩියෝව මිතුරන් කිහිපදෙනෙක්ට යවා ඇති අතර ඒ අතුරින් අයෙක් එය ඔස්ට්‍රේලියානු මාධ්‍ය ට ලබාදී ඇති බව සඳහන් වෙයි.

එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්,

එම වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පරීක්ෂණයක් අරඹා තිබේ.

දැන් එම වීඩියෝව හේතුවෙන් තොර්ප් ට සිය තනතුර අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා විය.

එංගලන්ත නායක ජෝ රූට්, ජේම්ස් ඇන්ඩර්සන්, සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇලෙක්ස් කේරි, ට්‍රැවිස් හෙඩ් සහ නේතන් ලයන් එම සාදයට එක්වී තිබුණි.

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/yaxzWnEkt50″ title=”YouTube video player” frameborder=”0″ allow=”accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button