Cricket NewsEXCLUSIVEIPL

සිය කණ්ඩායමේ ප්‍රධාන විශේෂඥ දඟ පන්දුයවන්නා වන වනිඳු හසරංගට RCB කණ්ඩායමෙන් ලැබුණු සුපිරි පිළිගැනීම.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසටයි.

මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය නව මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් ද මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

විශේෂත්වය වන්නේ මෙවර ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 5 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කිරීමයි.

මීට අමතරම මහේල ජයවර්ධන Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතර කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් මඩුල්ල නියෝජනය කරනු ලබනවා.

මේ අතර පසුගියදා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අලෙවි වූ ඉහළම වටිනාකම වන ඉන්දියානු කෝටි දහයකට අධික මුදලකට අලෙවි වූ වනිදු හසරංග පසුගියදා සිය කණ්ඩායම වන Royal Challengers Bangalore කණ්ඩායම සමඟ එක් වුණා.

මෙවර Royal Challengers Bangalore කණ්ඩායම ප්‍රධාන විශේෂඥ දඟ පන්දු යවන්නාගේ වගකීමද පැවරී ඇත්තේ වනිදු හසරංග හටයි.

ඒ අනුව සිය කණ්ඩායම හා එක්වූ වනිදු හසරංග හට Royal Challengers Bangalore කණ්ඩායමෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමක්.

එහි වීඩියො සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button