Cricket NewsEXCLUSIVE

තරඟය අතරතුර කුසල් මෙන්ඩිස් එල්ල කළ පහරක් වැදී බංගලාදේශ ක්‍රීඩක Litton Das හදිසි අනතුරකට ලක් වෙයි.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (15) චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපල වන ඕෂද ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් ලකුණු 9(17)කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු පන්දු 76කින් ලකුණු 36ක් ලබා සිටියදී නයීම් හසාන් යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඒ, ඕෂද ප්‍රනාන්දු පන්දු 76කින් ලකුණු 36ක් ලබා සිටියදී නයීම් හසාන් යොමු කළ පන්දුවක් හමුවේම කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්..

මේ අතර, බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක Litton Das දිවා ආහාරයට තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර යම් අනතුරකට ද මුහුණ දුන්නා.ඒ, කුසල් මෙන්ඩිස් එල්ල කළ පහරකින් පසුව පිත්ත Litton Dasගේ හිස් ආවරණයේ වැදීම හේතුවෙන්.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7