Cricket NewsEXCLUSIVEIPL

ප්‍රභල Gujarat Titans කණ්ඩායමට එරෙහිවත් වනිඳු හසරංගගෙන් සුපිරි පන්දු යැවීමක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 43වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalores කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 174ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

තරඟය පරාජය වුවත් මෙම තරඟයේදීත් තමාට ලැබුනු වගකීම අකුරටම ඉටු කිරීමට Royal Challengers Bangalore කණ්ඩායමට ක්‍රිඩා කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග සමත් වුනා.

සිය පළමු පන්දුවාරයේ පටන්ම ප්‍රතිවාදී පිතිකරුවන් පාලනය කිරීම ඇරඹු වනිඳු එහි තෙවන පන්දුවේදිම W. Sahaගේ කඩුල්ල දවා ගනිමිනි.

වේගවත් ඉණිමක් ක්‍රිඩා කිරීමට පැමිණි S. Sudharshanවද දවා ගැනීමට වනිඳු සමත් වුනා.

ඒ අනුව ඊයේ වනිඳු යොමු කළ පන්දුවාර 4තුල ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 28ක් පමණක් ලබා දුන් වනිඳු ප්‍රභල කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

වනිඳුගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

W. Sahaගේ කඩුල්ල

S. Sudharshanගේ කඩුල්ල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button