Cricket NewsEXCLUSIVE

සුරංග ලක්මාල් එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ දී සුපිරි දස්කම් දක්වමින් ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු Maranus Labushen ප්‍රමුඛ Glamorgan පිතිකරණ බලඇණිය සුණුවිසුනු කරයි.!

නිමාව දුටු ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් තීරණය කලේය.මාස ​​දෙකකට පසුව ඔහු එංගලන්ත ප්‍රාන්ත ශූරතාවය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්තය සමඟින් ගිවිසුම් ගත විය.

ඊයේ ඩර්බිශයර් ප්‍රාන්තය වෙනුවෙන් ග්ලැමෝගර්න් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව මෙවර ප්‍රාන්ත තරඟාවලියේ සිව්වැනි තරඟය සුරංග ක්‍රීඩා කලේය.

එම තරඟයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිය ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් මෙවර තරඟාවලියේ සිය පළමු කඩුලු 5 දවාලීමට ඔහු සමත් විය.

Glamorgan පිතිකරුවන් අසරණ කරමින් අගනා පන්දු යැවීමක නිරත වූ සුරංග ලකුණු 82 කට කඩුලු 5 ක් බිඳ හෙලුවේය.

ඒ අතරට වත්මන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Maranus Labushen ගේ කඩුල්ලද එක් කරගන්නට සුරංග සමත් විය.

ලක්මාල් ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට තරග 4කට ක්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් ඇත.ඔහුගේ ඩර්බිෂයර් ප්‍රාන්‍ත කණ්ඩායම මේ වන විට ප්‍රාන්ත ශූරතා දෙවන කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ 2 වන ස්ථානයේ පසුවන අතර තරඟ 4 කදී ලකුණු 57 ක් ලබා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button