Cricket NewsEXCLUSIVEIPL

නම් දැරූ ප්‍රභල පිතිකරුවන් දණ ගැස්වූ වනිඳු හසරංග, මෙවර IPL තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වෙමින් Purple Cap එක ලබා ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ අතර මේ වන විට තරගාවලියේ අඩකටත් වඩා අවසන් වී තිබෙනවා.

තරගාවලියේ අවසන් වටයට ඉතා ආසන්නව පවතින මෙම තීරණාත්මක අවස්ථාවේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන Purple Cap හෙවත් දම් පැහැති හිස්වැසුම හිමිකර ගැනීමට Royal Challengers Bangalore නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේ දී සමත් වුනා.

ඒ අද Punjab Kings කණ්ඩායම් සමග පැවැති තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි.

ඔහු තරඟයේදී සිය පන්දුවාර 4තුල ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව එතෙක් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සිටි Yuzvendra Chahalව සම කිරීමට වනිදු හසරංග සමත් වුණා.

කෙසේ නමුත් වනිඳුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍ය (Economic) ඉතා අඩු අගයක පැවතීම හේතුවෙන් වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය වනිදු හසරංග හට හිමි වුණා.

වනිඳු හසරංග මේ වන විට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුළු 23ක්.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියෙන් ඇරඹි වනිදුගේ “තරඟාවලායක වැ⁣ඩිම කඩුලු ලබා ගැනීමේ පුරුද්ද T10 2021 තරඟාවලියත් අනතුරුව පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙනුත් අනතුරුව ලොව ප්‍රමුඛතම ප්‍රිමියර් ලීග් තරගාවලියට ද පැමිණ තිබීම විශේෂත්වයක්.

IPL 2022 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button