Cricket NewsEXCLUSIVEIPL

හයේ පහරක් වීමට ඉඩ තිබු පහරක් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගනිමින් වනිඳුව ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ Harpreet Brarගේ සුපිරි පන්දු රැකීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 54ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය තුල තව දුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායක FAF ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 219ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 155ක් පමණයි

මේ අතර Royal Challengers Bangalore කණ්ඩායමේ අංක 9 පිතිකරුවා ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග, Rahul Chahar යොමු කල පන්දුවකට එල්ල කල දැවැන්ත හයේ පහරක් වීමට ඉඩ තිබු පහරක් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට Harpreet Brar සමත් වුනා.

ඒ හේතුවෙන් වනිදුට රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ එක් ලකුණක් පමණයි.

Harpreet Brar රැකගත් වනිඳුගේ සුපිරි උඩ පන්දුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button