Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව දුෂ්මන්ත චමීරගේ Lucknow Super Giants තරඟ වදින IPL පිටියේ 42වන තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 42වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Lucknow Super Giants හි නායකත්වය KL Rahul විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 8කට සහබාගි වී ඉන් තරඟ 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම Punjab Kings කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද තරඟයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

එමෙන්ම Lucknow Super Giants කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමිරයි.

Lucknow Super Giants කණ්ඩායම ද මේ වන විට තරඟ 8කට මුහුණ දී ඉන් තරඟ 5ක් ජය ගෙන ප්‍රසාද ලකුනු සටහනේ 4 වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Lucknow Super Giants සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Punjab Kings –

Mayank Agarwal (c), Shikhar Dhawan, Jonny Bairstow, Liam Livingstone, Jitesh Sharma (wk), Bhanuka Rajapaksa, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Sandeep Sharma, Arshdeep Singh

Lucknow Super Giants –

Quinton de Kock (wk), KL Rahul (c), Manish Pandey, Deepak Hooda, Ayush Badoni, Marcus Stoinis, Krunal Pandya, Jason Holder, Mohsin Khan, Dushmantha Chameera, Ravi Bishnoi

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button