Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

කොළඹ රාජ­කීය – ගාල්ල රිච්මන්ඩ් 13න් පහළ අව­සන් පූර්ව තර­ගය අද

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධාන කරන අවු­රුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ගය අද (22) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

එහිදී පසු­ගි­ය­වර සම ශූර­තාව දිනා­ගත් කොළඹ රාජ­කීය විදු­හල් (ඒ) පිල සම­ඟින් ගාල්ල රිච්මන්ඩ් විදු­හල තරග වදියි.

පළමු වටයේ දී තම කාණ්ඩයේ ශූර­යන් ලෙසින් දෙවැනි වට­යට එක් වූ රාජ­කීය (ඒ) පිල එහිදී කුරු­ණෑ­ගල මලි­ය­දේව විදු­හ­ලත්, තෙවැනි වට­යේදී කොළඹ සාන්ත ජෝසප් (ඒ) පිලත් පර­ද­ව­මින් අර්ධ අව­සන් පූර්ව වට­යට එක් විය. එම වට­යේදී කොළඹ කේරි විද්‍යා­ලය පර­ද­ව­මින් මේ වට­යට සුදු­සු­කම් ලැබීය.

රිච්මන්ඩ් විදු­හල ද පළමු වට­යේදී තම කාණ්ඩයේ ශූර­යන් වූ අතර, දෙවැනි වට­යේදී අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විදු­හ­ලත්, තෙවැනි වට­යේදී කොළඹ ඉසි­ප­තන විදු­හ­ලත් පරා­ජය කර­මින් අර්ධ අව­සන් පූර්ව වට­යේදී කඳාන දි මැසි­නොද් විදු­හල පර­දවා මේ තර­ග­යට එක්විය.

රාජ­කීය (ඒ) සංචි­තය: නිතේෂ් ජය­සිංහ (නායක), අභිරු අම­ර­සේ­කර (උප­නා­යක), රනුද රණ­සිංහ, රමිරු තිරා­ණ­ගම, හරීන් මෙන්ඩිස්, මහිම සිල්වා, ධීර සිල්වා, ආදම් රහී­ම්ඩීන්, සවේන් ගමගේ, බිනර කුල­සේ­කර, මනීෂ විජේ­සු­න්දර, නෙතුක රිදි­මා­ලි­යද්ද, සෙත්නුල තිල­ක­රත්න, තාරුක් ද සිල්වා, යසිරු දිසා­නා­යක, කරු­ණා­ක­රන් කජ­නාත්, විධු රත්නා­යක, ජනෝත් ජය­ව­ර්ධන, සනුක අල්විස්, රෂාන් පීරිස් මහතා (ප්‍රධාන පුහු­ණු­කරු), සඳ­රු­වන් ප්‍රනාන්දු මහතා (සහාය පුහු­ණු­කරු), වසන්ත සත­ර­සිංහ මහතා (සහාය පුහු­ණු­කරු), නිකිල් ප්‍රනාන්දු මහතා (සහාය පුහු­ණු­කරු), ඔසඳ ෆොන්සේකා (සහාය පුහු­ණු­කරු), සේනක මල්ල­වා­රච්චි මහතා (සහාය පුහු­ණු­කරු).

රිච්මන්ඩ් සංචි­තය: හිරුක් අක­ලංක (නායක), උදුල කුමු­දක, විහංස කරු­ණා­රත්න, තරුල් වික්‍ර­ම­සිංහ, අරෝෂ ගුරු­සිංහ, කවීන් ගිම්හාන, මහීෂ දිම්සර, සන්දිලු සුව­හස්, දනිරු අබේ­සූ­රිය, ගයූක මාන­වඩු, මොවිඳු බිඟු­වර, තිනුග දිහස්, මොහො­මඩ් ජෙස්මිර්, සෙනුක මන්දිල්, අකිඳු කවීෂ, චන්දන අම­ර­සිංහ මහතා (කණ්ඩා­යම් භාර ආචාර්ය), මහේෂ් සඳ­රු­වන් මහතා (පුහු­ණු­කරු), නිමේෂ් චතු­රංග (සහාය පුහු­ණු­කරු).

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7