Cricket NewsEXCLUSIVEMatch Review

වනිඳු, චමීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ UAE පිතිකරුවන් දණ නමයි – දළ ලකුණු ලබා ගැනීමේ වේගයත් ඉහළ මට්ටමක රඳවා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 79කින් තරඟය ජය ගනී.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් ලෙස අද UAE සමග පැවති තරඟයෙන් ලකුණු 79ක ජයක් සමග තරඟය ජයග්‍රහණය කළේ අත්‍යාවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ඉහළ මට්ටමක රඳවා ගනිමිනි.

අද තරඟයේ කාසියේ වාසිය දිනු UAE හි ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක නැවතත් ශ්‍රී ලංකා ඉණිමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් ලකුණු 74ක් රැස් කළා. ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

ධනංජයද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් රැස් කළා. අන් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට ලකුණු 10යේ සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුනේ නැහැ.

පන්දු යැවීමේදි Palaniapan Meiyappan විසින් කඩුලු ත්‍රිත්වයක් ලබා අතර ඔහුගේ ගොදුරු බවට පත් වුයේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානකය.

අනතුරුව ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි UAE පිතිකරුවන්ට පන්දුවාර 17.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

UAE ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Aayan Afzal Khan ලකුණු 19ක් රැස් කල අතර Junaid Siddique ලකුණු 18ක් රැස් කළා.

අත්‍යාවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ධන අගයකට සාර්ථකව රඳවා ගත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ Group A ඛාණ්ඩයේ තෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button