Cricket NewsEXCLUSIVEIPLMatch Review

Quinton de Kockගේ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් Delhi Capitals පරාජය කළ Lucknow Super Giantsට විශිෂ්ට ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 15වන තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 149ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Prithvi Shaw පන්දු 34කදී ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 9ක් ඇතුලත් වුනා.

නායක Rishabh Pant ලකුණු 39ක් රැස් කළ අතර Sarfaraz Khan ලකුණු 36ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 150ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 155ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Quinton de Kock සුපිරි සටන්කාමී පිතිකරණයක් දියත් කරමින් පන්දු 52ක් තුල වෙගවත් ලකුණු 80ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 9ක් ඇතුලත් වුනා. KL Rahul ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7