Cricket NewsEXCLUSIVE

“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනල්ලා, නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරන්න අපි සුදානම්” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වරක් අවසන් මහා තරඟ නියෝජනය කර ඇති ශ්‍රී ලංකාව හයවෙනි වෙනි වතාවටත් පකිස්තානය තෙවෙනි වතාවටත් ආසියානු කලාපයේ ක්‍රිකට් රජුන් ලෙස කිරුළු පැළඳීම පිණිස ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී 7.30ට විදුලි ආලෝක මධ්‍යයේ තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම පන්දු වාර විස්සයි-20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති නායකයා වන දසුන් ශානක සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර මේ වනවිට විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන සිටින බාබර් අසාම් පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරනවා.

මේ අතර මෙම තීරණාත්මක තරඟයට පෙර Dialog හි ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් දසුන් ශානක පවසා සිටියේ “ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනල්ලා, නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරන්න අපි සුදානම්” බවයි.

එම වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7