Cricket NewsEXCLUSIVE

වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස විඳගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද තරඟ බිමට.!

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වරක් අවසන් මහා තරඟ නියෝජනය කර ඇති ශ්‍රී ලංකාව හයවෙනි වෙනි වතාවටත් පකිස්තානය තෙවෙනි වතාවටත් ආසියානු කලාපයේ ක්‍රිකට් රජුන් ලෙස කිරුළු පැළඳීම පිණිස ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී 7.30ට විදුලි ආලෝක මධ්‍යයේ තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම පන්දු වාර විස්සයි-20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති නායකයා වන දසුන් ශානක සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර මේ වනවිට විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන සිටින බාබර් අසාම් පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරනවා.

අවසන් වරට ශ්‍රී ලංකාව 2014 වසරේදී අවසන් මහා තරගයකට පිවිස ඇති අතර එහිදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් හිමි කර ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව මේ දක්වා 5 වතාවක් ශූරතාව හිමිකරගෙන ඇත. මෙතෙක් අවසන් මහා තරග 04කට පිවිස ඇති පාකිස්තානය ශූරතාව දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.

වැඩිම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ඉන්දියාව පැවැති තරගාවලි 15න් 7 වතාවක් ශූරතාව දිනා තිබේ. ශ්‍රී ලංකාව සහ පකිස්තානය මේ තරගාවලිය යටතේ තෙවතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඉන් 2014 අවස්ථාවට අමතරව 1986 දීද ශ්‍රී ලංකාව ශූරතාව හිමි කර ගෙන තිබේ.

ඒ අනුව Super 4වටය අපරාජිතව අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායම සහ Super 4 වටයේදී ශ්‍රී ලංකාව හමුවේ පමණක් පරාජය වූ පකිස්ථානය අද රාත්‍රියේ ආසියානු කුසලානයක පහස විඳගැනීමේ බලාපොරොත්තුවෙන් තරඟ බිමට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button