Cricket NewsEXCLUSIVESocial Reaction

“අපි ක්‍රිකට් වලදි එකිනෙකා ට්‍රෝල් කරනවා. ඒක වෙනම කතාවක්, නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන ඇත්තටම අපිට දුකයි” – බංගලාදේශ ක්‍රිකට් පිටුවක් තැබූ අපුරු සටහන.!

වත්මන් ආර්ථික තත්වය හා දේශපාලන ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකාව තුල තිබෙන්නේ එතරම් සතුටුදායක තත්වයක් නොවේ.

ජනතාව තමන්ගේ ජීවන අරගලය වෙනුවෙන් පවත්නා රජයට එරෙහිව පාරට බැස අවසන් ය.දේශපාලනය පසෙකලා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයට බිහිකල විශිෂ්ඨතම පුරාවෘත්ත ජනතාව වෙනුවෙන් සිට ගත් හ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල ඉතා ඉහළ ගොස් තිබෙන මෙම අවස්ථාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ දී භාවිතා කරන ටෙනිස් පන්දුව පවා ඉතා ඉහළ මිලක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින මෙම තත්ත්වය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය හරහා මුලු ලොවම දන්නා කාරණයක් බවට පත් වී හමාරයි.

අප අද ඔබට ගෙන එන්නේ බංගලාදේශ ක්‍රිකට් සමාජ මාධ්‍ය පිටුවක් විසින් ශ්‍රී ලංකාවේ අර්බුදකාරි තත්වය පිළිබඳ තැබූ අපූරු සටහනක් සම්බන්ධවයි.

පසුගිය නිදහස් කුසලාන තරගාවලියේ සිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දී රසාකයන් තරමක ආවේගශීලී බවක් පෙන්නුම් කරනවා.

බොහෝ විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පිටු සහ බංගලාදේශ සමාජ මාධ්‍ය විසින් රටවල් දෙකේ ක්‍රීඩකයින්ව විටින් විට Troll (උපහාසයට) කිරීමකට ලක් කරනවා

එවැනි ‍ ශ්‍රී ලංකාව විටින් විට Troll කිරීමට ලක් කළ බංග්ලාදේශ ක්‍රිකට් පිටුවක් විසින් මීට දින කිහිපයකට පෙර ‍ශුි ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් පන්දුවක මිළ දැවැන්ත ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ සටහනක් එක් කර තිබෙනවා.

එහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ “ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකිනෙකාව Troll කරන එක වෙනම කතාවක්, නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇත්තටම අපිට වේදනාවක් තියෙන්නෙ, ඔවුන් ඉතා ඉක්මනින් නැවතත් පැරණි තත්වෙට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සුභ පැතුම්” යනුවෙන් ඔවුන් එම සටහනේ සඳහන් කර තිබුණා.

එම අපූරු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button