Cricket NewsEXCLUSIVEMatch Review

පැතුම් නිස්සංකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ප්‍රභල ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගනී.!

අද (19) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Travis Head පන්දු 65කදී නොදැවී ලකුණු 70ක් වාර්තා කිරීමට සමත් වු අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

නායක Aaron Finch ලකුණු 62ක් Alex Carey ලකුණු 49ක් සහ වේගවත් පිතිකරණයක් දියත් කළ Glenn Maxwell පන්දු 18ක් තුල වේගවත් ලකුණු 33ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 292ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48.3ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 292ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 147ක් තුල ලකුණු 137ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ඇතුලත් වුනා.ඊට අනගි සහයක් දුන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87 රැස් කළා.

මෙහිදී ලකුණු 292ක ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යද්දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙස අද පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ මුළු ලකුණු 42ක් වන විට ලකුණු 25ක ට දැවී ගිය පසු පැතුම් නිස්සංක හා පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අත්තිවාරම ගොඩ නැගීම ඇරඹු අතර ඔවුන් දෙදෙනා ලකුණු 170ක සබඳතාවයක් ගොඩ නැගු අතර කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස් කර සිටියදී පැමිණි අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුවා. පැතුම් නිස්සංක ලකුණු 137ක් රැස් කරගෙන සිටි අවස්ථාවේ Jhye Richardson ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි ධනංජය සිල්වා ලකුණු 25ක් රැස් කල අතර නොදැවී ලකුණු 13ක් රැස් කළ චරිත් අසලංක ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත සුරැකිව රැගෙන ගියා.

පන්දු යැවීමේදී Jhye Richardson කඩුලු 2ක් බිඳ හෙලු අතර Glenn Maxwell සහ Josh Hazlewood එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අත්‍යවශ්‍යම ඉණිම දියත් කරමින් පිත්තෙන් ලකුණු 137ක් රැස් කළ පැතුම් නිස්සංක තරඟයේ වීරයා බවට පත් වූ අතර මෙම ජයගරහණයත් සමග තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.

දෙරට අතර පැවැත්වෙන සිව් වන එක්දින තරඟය එළඹෙන 21 වන දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button