Cricket NewsEXCLUSIVE

“අපිට තාමත් භානුක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්” – හිටපු සුපිරි පිතිකරු සනත් ජයසුරිය කියයි.!

ක්‍රීඩකයෙකුට කිසිදු අවස්ථාවක් හෝ තත්ත්වයක් පහසුවෙන් නොලැබෙන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය පවසා සිටිනවා,

“අද දෙරණ” බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

එසේම කුමන තත්ත්වයක් මත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර නොදමන ලෙසද ඔහු එහිදී නවක ක්‍රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙලෙස ප්‍රකාශ කර සිටියා,

“ලෙජන්ඩ්ස් තරගාවලිය තියෙනවා ඕමානයේ. මම හිතුව ට්‍රේන් කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මොකද ඒවගේ තැනකට ගියාම එතන තරගය ගොඩක් ලොකුයි. මොකද අර පරණ ක්‍රිකටර්ස් ලා වුණත් ගියපාර, අපට එතැනට ගියාම තමයි තේරුණේ, මේ තරම් තරගයක් තියෙනවා ද කියලා. මේ පාරත් එහෙමයි. ඒ හින්දා මම කිව්වා තව පොඩ්ඩක් ට්‍රේන් කරලා ෆිට් එකේ යන්න ඕන, අපට ගොඩක් අමාරු වෙන්නේ කකුල්වල. මගේ දණහිසෙන් බාගයක් දාලා තියෙන්නේ.

හැබැයි ඉතින් එතනට ගියාම ඒවා මතක් වෙන්නේ නෑ. අපට ඕනකම තියෙනවා, මට වුවමනාවක් තියෙනවා මේක කරන්න ඕන කියල. අර ඒකයි මම හැමතිස්සෙම කියන්නේ තමන්ට වුවමනාව තියෙන්න ඕන, අවශ්‍යතාව තියෙන්න ඕන.

තමන් රටට ආදරයෙන් මම මේක කරනවා, දැන් ආදරේ හින්දනේ භානුකට කියන්නේ “යන්න එපා කියලා.” අන්න ඒක තමයි මම ආස දකින්න.”

“කිසිම ක්‍රීඩකයෙකුට හැමදෙයක්ම පිඟානක තියලා අතට දීල නෑ. මේ ක්‍රීඩාවේ ක්‍රීඩා කරනකොට දුක කියන එකට, මානසිකව වැටෙන දේවල්වලට සමහරක් දේවල් අපිට ලැබෙන්නේ නැති දේවල් ගොඩාක් වැඩියි.

ඒකත් එක්ක තමයි තමන්ගේ ඔළුව හදාගෙන ගහන්න ඕන. මම දවස අවසානයේ හිතන්නේ මම මොනවා කරත් මම මේක අතහැරලා යන්නේ නෑ, මම ගහනවා මගේ රට වෙනුවෙන් මම කාලයක් සෙල්ලම් කරොත් හොඳට මගේ ඉන්න ප්‍රේක්ෂකයෝ මගේ ඉන්න රටේ ජනතාව. මාව ආදරයෙන් වැළඳ ගනීවී.

මම කොහේ ගියත් අන්න ඒක හිතනවා. මේ ක්‍රීඩකයන්ට ගොඩක් කෙණෙහිලිකම් වෙලා ඇති. අසාධාරණකම් වෙලා ඇති, තමන්ට දුක හිතෙන දේවල් වෙලා ඇති, තමන්ට ක්‍රීඩාව එපා වෙන දේවල් වෙලා ඇති. අවුරුදු 10 ක් 15ක් ගහනකොට එහෙම වෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම තමන්ගේ එක අත්දැකීමක් කියල හිතලා තමන් යන්න ඕනේ තමන්ගේ ගෝල් එකට. ලකුණු 10,000 ද ? එක්දින කඩුලු කීයද. ? ටෙස්ට් කඩුලු කීයද ? තමන්ට ඒක කරන්න ඕන ද. ?

තමන්ට රට වෙනුවෙන් කොච්චර තරග ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්ද අන්න ඒවා තමයි හිතන්න ඕන.”

“ලෝකේ ඉන්න අනිත් රටවල් දන්නවා මේ ප්ලේයර් මැච් විනින් ප්ලේයර් කෙනෙක් කියලා. එතැනට යන්න ගොඩක් අමාරුයි. හරි ඉක්මනට අපිට කඩාගෙන වැටෙන්න පුළුවන්. හපෝ වැඩක් නෑ මම අරහේ යන්න පුළුවන් මට මේ රටට යන්න පුළුවන්.

හැබැයි ඒක නෙවෙයි වැඩේ. අමාරුයි හැබැයි ඒ අමාරුකම් එක්ක අපි යන්න ඕන. අපේ රටවල්වල හැම දෙයක්ම ලේසියෙන් හම්බවෙන්නේ නෑ.

ගොඩාක් අමාරුවෙන් තමයි දේවල් හම්බවෙන්නේ. අපි මාතර ඉඳල කොළඹ ඇවිල්ලා ඉන්න තැනක්වත් නැතුව තමයි අපි ක්‍රිකට් ගැහුවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. තමන් හිතුවොත් තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියල එච්චරයි. ”

“අවුරුදු 20ක් රිටයර් වෙලත් පාරේ දැක්කොත් ඒ ප්‍රේක්ෂකයෝ ඒ විදියටම සලකනවා. අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ඒ අපි රට වෙනුවෙන් කරපු දේට. මොන ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් දාලා යන්න එපා. ගහන්න ලංකාවට ක්‍රිකට්. ලංකාවට ක්‍රිකට් ගැහුවොත් කවදාවත් වරදින්නේ නෑ.”

එමෙන්ම මෙහිදී අදහස් දක්වා සිටි සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටියේ භානුක රාජපක්ෂ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන නොමැති බවත් ඔහු ගිවිසුම් වලින් ඉවත් වීම පමණක් සිදු කර ඇති බවත් ඒ හේතුවෙන් තව දුරටත් භානුක පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button