Cricket NewsEXCLUSIVE

මෙන්ඩිස්ගේ, ගුණතිලකගේ සහ දික්වැල්ලගේ තරඟ තහනම (තවත් මාස 6ක් ඉතිරිව තිබීයදී) අදින් අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරයි.!

පසුගිය 2021 වසරේ ජුනි මාසයේ එංගලන්තයේ පැවති තරග සංචාරය අතරතුර එංගලන්ත වීදි පුරා ඉබාගාතේ ඇවිද යමින් කමින් බොමින් දුම්පානය කරමින් ජෛව බුබුලේ නීතිය උල්ලංඝනය කළ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට රුපියල් කෝටියක දඩ මුදලක් සමග වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් සහ මාස 6ක දේශිය ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

කෙසේ නමුත් දේශීය පිටියේ පැනවූ මාස හයක තරග තහනම අවසන් වීමත් සමග පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වුණු ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය ක්‍රීඩා කිරීමට මෙම ක්‍රීඩකයින් තිදෙනාට අවස්ථාව උදා වුණා.

එහිදී මෙම ක්‍රීඩකයින් තිදෙනා දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රීඩකයින් තිදෙනාට පනවා තිබෙන වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

අද රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් මෙම තීරණය ගෙන ඇති අතර අද දිනයේ පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ද මෙම ක්‍රීඩකයන් තිදෙනා සහභාගි වී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම වසරේ ජුනි මාසයේ අවසන් වීමට නියමිතව තිබූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුස්ක ගුණතිලකගේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම තවත් මාස හයක පමණ කාලයක් ඉතිරිව තිබිය දීම අදින් අවසන් කර ඇත.

ඒ අනුව මෙම ක්‍රිඩකයන් තිදෙනා සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරඟාවලිය සඳහා ක්‍රිඩා කිරීමටද සුදුසුකම් ලබයි.


නුදුරේම නැවතත් මෙම ක්‍රිඩකයන් තිදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ඇඳුමින් සැරසී ක්‍රිඩා කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button