Cricket NewsEXCLUSIVE

හිරු නොබසින දේශයේ පළමු දිනය අඳුරු කරමින් යසස්වි ජයිස්වාල් වාර්ථාගත ඉනිමක ! පළමු දිනය අවසන් වන විට ජයිස්වාල් නොදැවී 179 යි !

ඉන්දු එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අද විශාකාපත්නම් හිදී ආරම්භ වූයේ එංගලන්තය සත්කාරක ක්‍රීඩකයින් අභිමුව තරඟාවලියේ පෙරමුණ ලබා සිටියදීයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ තීරණය වූයේ වාසිදායක තත්වයන් මත මුලින්ම පන්දුවට පහර දීමයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු දිනය නිමා කලේ කඩුලු 6 ක් දැවී ලකුණු 336 ක් රැස් කරගනිමින්.ඉන්දීය ඉනිමේ එකදු හෝ පිතිකරුවෙකු ලකුණු 35 සීමාව පසු නොකල පසුබිමක යොවුන් පිතිකරු යසස්වි ජයිස්වාල් ලකුණු 179 ක් නොදැවී දිනය අවසන් වන විට රැස් කරගෙන සිටියි.

ජයිස්වාල්ගේ ඉනිම පුරාවට හතරේ පහර 17 ක් හයේ පහර 5 ක් අන්තර්ගත වද්දී දිනයේ ආරම්භයේ සිටම ජයිස්වාල්ගේ ඉනිම පන්දු 257 ක් පුරාවට ක්‍රියාත්මක විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button