Cricket NewsEXCLUSIVE

“අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේදී මොනවද කළේ කියලා.. අපි පරිස්සම් විය යුතුයි.” – හිටපු ඉන්දීය ක්‍රීඩක Irfan Pathan

එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ආසියානු ශුරයන් ලෙස මෙවර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ආසියානු කුසලානයේදී ඉන්දියාව මුණ ගැසුණු අතර එහිදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවා.

මේ අතර හිටපු ඉන්දීය ක්‍රීඩක Irfan Pathan මෙම තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව නරක කණ්ඩායමක් නොවන බවත්, මෙම තරඟාවලියේ දී වලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේශම් විය යුතු බවත් සඳහන් කර තිබෙනවා.

“ශ්‍රී ලංකාව නරක කණ්ඩායමක් නොවේ. ආසියානු කුසලානයේදී ඔවුන් කළ දේ අපි දන්නවා. ඔවුන් ඇත්තටම හොඳින් කළා. අපි පරිස්සම් විය යුතුයි,” යනුවෙන් Pathan පවසා තිබෙනවා.

එමෙන්ම Pathan විසින් කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලහිරු කුමාර, මහේෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක මෙම තරගාවලියේදී සත්කාරක ඉන්දියවට සැබෑ බලපෑමක් විය හැකි ක්‍රීඩකයන් ලෙස නම් කර සිටියා.

“ඇත්තටම මට දැනෙනවා කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග වගේම ඉතා වේගයක් තියෙන ලහිරු කුමාර, මහේෂ් තීක්ෂණ මේ හතර පස්දෙනාගෙන් තර්ජනයක් වෙන්න පුළුවන්. එයාලගේ නායක දසුන් ශානක, මම ඒ පික් එකට හරි කැමතියි, එයා බය නැති කෙනෙක්. ඔහු පිතිකරණයේ යෙදෙන විටත් ඔහුගේ නොබිය ක්‍රීඩා විලාසය බලාගන්න පුළුවන්” බව Irfan Pathan මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7