Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක් – ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස Chris Clarke-Irons මහතාව පත් කර තිබෙනවා. ඒ අනුව අද සිට (01) ක්‍රියාත්මක වෙන පරිදි ඔහු ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කරනු ඇත.

Chris Clarke-Irons මහතා මිට පෙර එංගලන්ත ප්‍රාන්ත කන්ඩායමක් වන Essex ප්‍රාන්ත කන්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කර ඇති අතර එංගලන්ත ජාතික ක්‍රිකට් කන්ඩායමේ වෛද්‍ය කන්ඩායම සමගද විටෙක කටයුතු කර ඇත.

ශ්‍රි ලංකා කන්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු සහ හිටපු Essex ප්‍රාන්ත කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු වන ක්‍රිස් සිල්වර්වූඩ් මහතා සමගද මීට පෙර ඔහු වැඩ කටයුතු කර තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button