Cricket NewsEXCLUSIVEIPL

“අපි වනිඳු හසරංගගේ පන්දු යැවීමේ තාක්ෂණික වෙනස්කම් කිහිපයක් සිදු කළා, ඔහු දැන් ඒවා නිවැරදිව භාවිතා කරනවා” – RCB දග පන්දු පුහුණුකරු Sridharan Sriram

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසු වන Royal Challengers Bangalore කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු තුරුම්පුව බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරන්ගයි. අවසන් තරඟ කිහිපයේදී ක්‍රීඩා කල ආකාරයේදී වනිඳු හසරංග සිය පන්දු යැවීමේ කිසියම් තාක්ෂණික වෙනස්කම් කිහිපයක් වෙනස් කරගෙන තිබෙන බව වනිඳු පවසනවා.

මේ සම්බන්ධයෙන් Royal Challengers Bangalore කණ්ඩායමේ සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් වීඩියෝවක් ද නිකුත් කර තිබෙනවා.එම වීඩියෝවේ දී වනිදු හසරංග ද මෙවර තරගාවලියේ දී දැක් වූ සිය දක්ෂතා පිළිබද අදහස් දක්වන අතර, දග පන්දු පුහුණුකරු Sridharan Sriram හා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් ද වනිදුගේ දක්ෂතා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

RCB කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන Sridharan Sriram මහතා, මෙම වීඩියෝවේ දී සදහන් කර සිටියේ වනිදු හසරංගගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තමා යම් යම් තාක්ෂණික වෙනස්කම් කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවයි.

විශේෂයෙන්ම ඔහු පන්දු යැවීමට දිව යාමේ ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ බව පෙන්වා දෙන ඔහු වමත් පිතිකරුවන්ට එරෙහිව ඔහු යොදා ගන්නා උපක්‍රම ද මෙවර තරග වාරය ආරම්භයට වඩා මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් පෙන්වා දෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරග වාරය ආරම්භ වූ අවස්ථාවට වඩා මේ වන විට ඔහු වමත් පිතිකරුවන්ට එරෙහිව වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ද ඔහු පෙන්වා දෙන අතර ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ද ඒ බව පසුගිය තරඟ කිහිපයේදී දැකගනිමට අවස්ථාව හිමි වුනා.

Royal Challengers Bangalore කණ්ඩායමේ සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් පළ කල වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button