Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟාවලියට මධ්‍යස්ථ විදෙස් විනිසුරුවරුන් ගෙන්වීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කරයි.!

ඉකුත් අප්‍රේල් මාසයේදි දකුණුඅප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලිය අන්ත පරාජයට පත්වීමෙන් අනතුරුව එරට ක්‍රිකට් සභාපති හබිබුල් භශාර් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් දකුණු අප්‍රිකානු ස්වදේශීය විනිසුරුවරුන් අපක්ෂපාතී නොවූ බව කියමින් ඔවුන්ගේ විනිවිද භාවය පිලිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයටද පැමිණිලි කලේය.

ඒ හේතුවෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ලබන 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එරටදී පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා ස්වදේශීය විනිසුරුවරුන් වෙනුවට විදෙස් විනිසුරුවරුන් එක් කරගැනීමට තීරණය කර තිබේ.

එරට විශ්වාසනීය පුවත්පත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ චිතගොං සහ මිර්පුර් හි පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකේදී එංගලන්තයේ නිලධාරීන් දෙදෙනෙකු (එක් විනිසුරුවරයෙකු සහ එක් තරඟ තීරකයෙකු) සහ බටහිර ඉන්දීය කොදෙව්හි එක් විනිසුරුවරයෙකු කටයුතු කිරීමට නියමිතව ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button