Cricket NewsEXCLUSIVEInternational

දුෂ්මන්ත චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි – වනිදුගෙ සහාභාගීත්වයද අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කර තිබේ.

31 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නාට සමස්ත තරගාවලියම අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

“ඔහු උරහිසේ ආබාධයකට ලක්ව ඇති අතර විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇත. මෙම උරහිසේ ආබාධය (ලිගමන්ට් ඉරීම) ඔහු පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියේ එක් තරඟයකදී ඇති වු අබාධයක්,” යනුවෙන් ක්‍රිකට් ආරංචිමාර්ග අනාවරණය කළේය.

“LPL වලට කලින් එයාගේ වළලුකරේ ආබාධය සුවවෙලා තිබුණා. අපිට ඕන එයාව ලෝක කුසලානයට සුදුසු නිසා ආසියානු කුසලාන සංචිතයෙන් අයින් කරලා, ඔහුගෙ අබාධ තත්වය සුව උනොත් ලෝක කුසලානයට සලකා බලනවා” ක්‍රිඩා අභ්‍යන්තරිකයෙක් වැඩි දුරටත් සදහන් කලා.

LPL තරඟාවලියේ තරඟාවලියේ වීරයා වන තවත් ක්‍රීඩකයෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇති අතර ඔහුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වූ පසු තීරණය කරනු ඇත. මන්ද 26 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හටද මස්පිඬු ආබාධයක් තිබිම නිසාය.

තේරීම් කමිටු නිලධාරීන් පුහුණු කාර්ය මණ්ඩලය සහ නායක දසුන් ශානක සමඟ සාකච්ඡා කර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සහ අතිරේක 5 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත.

මෙවර පන්දුවාර 50 තරගාවලිය පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7