Cricket NewsEXCLUSIVEInternational

ඉති­හා­සයේ පළමු වරට කොදෙව් පිලට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­යක ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද පිටි­යට

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංක පිල අතර තීර­ණා­ත්මක තෙවැනි සහ අව­සන් විස්සයි20 තර­ගය අද (17) රාත්‍රී 7.00 රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මේ වන වන විට තරග 1-1ක් ලෙස දෙපිල සම තත්ත්ව­යෙන් පසු­වන බැවින් තර­ගා­ව­ලියේ ශූර­යන් අද තීර­ණය වනු ඇත. එබැ­වින් මේ තර­ගය ජය ගැනී­මට දෙපි­ලම සෑම උත්සා­හ­යක්ම දරනු ඇත.

අද තර­ග­යෙන් චරිත් අස­ලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ඉති­හා­සය වෙනස් කිරීමේ අව­ස්ථා­වක් උදාවී තිබේ. ඒ ඉති­හා­සයේ පළමු වරට කොදෙව් පිලට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­යක් ජය ගනි­මිනි. මේ කණ්ඩා­යම් දෙක විස්සයි20 ද්වීපා­ර්ශ්වික තර­ගා­වලි ත්‍රිත්ව­ය­කදී මින් පෙර හමුව තිබේ. එහිදී 2015 වසරේ පැවති පළමු තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සමව නිමා වී ඇති අතර, 2019දී තර­ගා­ව­ලිය 2-0ක් ලෙස සහ අව­සන් වරට 2021 වසරේ තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගැනී­මට කොදෙව් පිල සමත් සිටී.

පෙරේදා පැවති දෙවැනි තර­ග­යෙන් ශ්‍රී ලංකා­වට ලකුණු 73ක විශිෂ්ට ජයක් හිමි වූ අතර, ජය­ග්‍ර­හ­ණයේ වැඩි ගෞර­ව­යක් හිමි කර ගැනී­මට දඟ පන්දු යවන්නෝ සමත් වූයේ කඩුලු 9ක්ම බිඳ දම­මිනි.

කෙසේ වෙතත් තර­ග­යෙන් අන­තු­රුව කොදෙව් නායක රොව්මන් පවෙල් සහ උප­නා­යක රොස්ටන් චේස් පැව­සුවේ පළමු තර­ගය ක්‍රීඩා කළ තණ­තිලි ඉතා හොඳ බවත් දෙවැනි තර­ග­යේදී ශ්‍රී ලංකාව ඔවුන්ට වාසි­දා­යක ලෙස තණ­තිලි සකසා ගත් බවත්ය. එහෙත් ශ්‍රී ලංකා පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය තර­ග­යෙන් පසුව පැවති මාධ්‍ය හමු­වේදී කියා සිටියේ පැවති කාල­ගුණ තත්ත්වය අනුව තණ­ති­රුව එසේ හැසි­රුණු බවයි.

“කාසියේ වාසිය ලැබු­ණත් නැතත් අපිත් මේ තණ­තිල්ලේ ක්‍රීඩා කරන්න ඕන. ඒක දෙගො­ල්ල­න්ටම එකයි. තණ­තී­රුවේ වියළි ස්වරූ­ප­යක් තිබුණා. ඒ නිසා පන්දුව හොඳින් දඟ­කැ­වෙන්න ගත්තා. මේ තත්ත්ව­යෙන් පන්දු­වට පහර දෙන ආකා­රය වෙනස් වෙනවා. ක්‍රීඩා කරන තර­මට ක්‍රීඩ­ක­යන්ගේ පිති­ක­රණ දස්කම් වැඩි වෙනවා. ඔවුන් පහර දෙන ආකා­රය වෙනස් කර­නවා.” ජය­සූ­රිය පැව­සීය.

කෙදෙව් දඟ පන්දු යව­න්නන් දෙදෙ­නා­ගෙන් ප්‍රවේ­ශම් වීමට කට­යුතු කළ ශ්‍රී ලංකා පිති­ක­රුවෝ ඔවුන් දෙදෙ­නා­ගෙන්ම ලබා ගත්තේ ලකුණු 37ක් පමණි.

“පැතුම් සහ කුසල්ගේ සාර්ථක ආර­ම්භ­යත්, කුසල් ජනිත් වුණත් හොඳින් පන්දු­වට පහර දුන්නා. ඒ නිසා අපි 160ක මුළු ලකුණු සංඛ්‍යා­ව­කට ගියා.පිති­ක­රු­වන් පන්දු­වට පහර දීමේ අවස්ථා නිවැ­ර­දිව හුව­මාරු කර ගත්තා. අපි තර­ග­යෙන් තර­ග­යට වෙනස් වෙන්න වෙනවා. එක තමයි ක්‍රීඩ­ක­යන්ගේ වග­කීම“ යැයි පැවසූ ජය­සූ­රිය මහතා කණ්ඩා­යම සැල­සුම් කළෙත් ලකුණු 160ක් වැනි සංඛ්‍යා­වක් බවත් නායක චරිත් කාසියේ වාසිය දිනා ගැනී­මෙන් පසු පැව­සුවේ ලකුණු 160ක් හොඳ ලකුණු සංඛ්‍යා­වක් වනු ඇතැයි කී බවත්ය.

පෙරේදා තර­ග­යේදී තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් එදින විස්සයි20 ජාත්‍ය­න්තර තරග වරම් ලැබූ දුනිත් වෙල්ලා­ලගේ විසින් සිදු කරන ලදි.

ඔහු සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ජය­සූ­රිය “දුනිත් ඉන්දි­යා­වට එරෙ­හිව එක්දින තර­ගා­ව­ලියේ ක්‍රීඩා කරපු විදිහ අපි දැක්කා. පෙරේදා පළමු වරට විස්සයි20 තර­ග­ය­කට එක්වූ ඔහු ඒ අභි­යෝ­ගය භාර ගත්ත විදිහ ගැන සතු­ටුයි. ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙ­ක්ගෙන් මම දකින්න කැමැති ඒකයි. එයා ඒ වෙලාවේ ඕවර 4ක් යවා ලකුණු 9කට කඩුලු දවා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නොවෙයි.”

“කඩුල්ල සහාය දුන්නත් බෝල් කරන එක හරි­යට කරන්න ඕන. එයා පීඩ­නය හමුවේ එයාගේ කැරැ­ක්ටර් එක පෙන්නුවා. එයා හොඳ තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යෙක් කියලා.”  යනු­වෙන් පැව­සීය.

තර­ගයේ සිදු කළ වෙන­ස්කම් සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් පුහු­ණු­කරු පැව­සුවේ තර­ග­යක් ජය ගැනී­මට නම් හොඳම දේ කළ යුතු බවත්, හොඳම කණ්ඩා­යම යොදා තරග දිනා ගත යුතු බවත්ය.

වේග පන්දු යැවී­මේදී වෙනස් සංක­ල­න­ය­කින් (වේගය අඩු වැඩි කර­මින්) පන්දු යැවිය යුතු වූ නිසා නුවන් තුෂාර මේ තර­ග­යට ගෙනා බව කී ජය­සූ­රිය මහතා දඟ පන්දු යැවිය හැකි තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­ය­කුගේ අව­ශ්‍ය­තාව මත දුනිත් මේ තර­ග­යට කැඳවූ බවත් පැව­සීය.

මේ නිසා දෙවැනි තර­ග­යේදී සාර්ථක වූ කණ්ඩා­යම අද තර­ග­ය­ටත් ක්‍රීඩා කිරී­මට වැඩි ඉඩක් ඇතැයි ක්‍රිකට් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

දෙවැනි තර­ග­යේදී කොදෙව් පිලට තෙවැනි දඟ පන්දු යව­න්නකු නොසි­ටීම අවා­සි­යක් බව තර­ගය අන­තු­රුව රෝස්ටන් චේස් පැවසූ අතර, ඒ අනුව කොදෙව් පිල අද තර­ග­යට තෙවැනි දඟ පන්දු යව­න්නෙක් එක් කිරී­මට ඉඩ තිබේ. එය බොහෝ විට හේඩන් වොල්ෂ් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button