Cricket NewsEXCLUSIVEInternational

කොදෙව් සුපිරි දැවැන්තයා, කිරන් පොලාඩ් සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි.!

දෙවරක් විස්සයි විස්ස ලෝක ශුරයන් බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කිරන් පොලාඩ් සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ලොව පුර පවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟාවලි වලට නැතිවම බැරි ක්‍රීඩකයකු වන කිරන් පොලාඩ් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. එමෙන්ම විශේෂත්වය වන්නේ කිරන් පොලාඩ් යනු මුම්බායි ඉන්දියන්ස්කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පවා ඉදිරිපත් නොකර රඳවාගත් ක්‍රීඩකයකු වීමයි.

කිරන් පොලාඩ් එක්දින තරග 123කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඔහු ක්‍රීඩා කර ඇති විස්සයි-20 ජාත්‍යන්තර තරග ගණන 101ක් වනවා.

එක්දින පිටියේ දී ලකුණු 2,706 ක් රැස් කර ඇති කිරන් පොලාඩ් විස්සයි-20 ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 1,569 ක් ද රැස් කිරීමට සමත්ව සිටිනවා.

2007 වසරේ දී කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් කිරන් පොලාඩ් 2012 වසරේ දී විස්සයි-20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු වුණා. එමෙන්ම 2021 වසරේ දී ඔහු ජාත්‍යන්තර පිටියේ දී එක් පන්දුවාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කළ ලොව තෙවැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා.

ඒ අනුව මෙම සුපිරි ප්‍රහාරාත්මක ක්‍රීඩකයාව නැවතත් කිසිදු දිනක බටහිර ඉන්දීය කොදෙව් වර්ණ යටතේ දැක ගැනීමට ක්‍රිකට් ලෝලිට අවස්ථාවක් උදා නොවනු ඇත.

කිරාන් පොලාඩ් සිය සමු ගැනීම පිළිබඳව පල කර තිබු සමාජ මාධ්‍ය සටහන පහතින්

 

View this post on Instagram

 

A post shared by Kieron Pollard (@kieron.pollard55)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button