“කවුද මේ ප්‍රහාත් ජයසූරිය?, ජාත්‍යන්තර තලයට එකවරම පැමිණ විශිෂ්ට ලෙස දස්කම් දක්වනවා” – ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රිඩක බ්‍රැඩ් හොග්

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයෙ පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.
මෙම තරඟාවලිය පුරා සුපිරි දස්කම් දක්වමින් කඩුලු දවා ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය තරඟාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුවා.
මේ අතර තවමත් තරඟ 3කට පමණක් ක්‍රිඩා කර ඇති ප්‍රභාත් ජයසුරිය මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වූයේ කඩුලු 29ක් දවා ගනිමිනි. එමෙන්ම ප්‍රභාත් තමන් ක්‍රිඩා කළ ඉණිම් 6න් 4කදීම කඩුලු 5හේ අවස්ථාවන ලබා ගැනීමටද සමත් වුවා.
මේ අතර ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රිඩක බ්‍රැඩ් හොග් මහතා මෙම අපුරු පන්දු යවන්නා ගැන මෙලෙස සටහනක් සිය Twitter ගිණුමට එක් කර තිබෙනවා.
“කවුද මේ ප්‍රහාත් ජයසූරිය ?, ජාත්‍යන්තර තලයට එකවරම පැමිණ විශිෂ්ට ලෙස දස්කම් දක්වනවා. වමත්ද දගපන්දුවයවන්නෙක්, ඔහු සැමවිටම ඔබේ කණ්ඩායමේ සිටිය යුතුයි. ”
– ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රැඩ් හොග් –
ඒ මහත තැබු සටහන පහතින්
Who is this Prabath Jayasuriya?
Hitting the big stage with a bang. Left arm spin, always need them in your team. #SLvPAK #cricket— Brad Hogg (@Brad_Hogg) July 28, 2022