Cricket NewsEXCLUSIVEInternational

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි – කෝඩුකාර චමිදු වික්‍රමසිංහ එක්දින සංචිතයට කැදවයි

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා  නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට චමිඳු වික්‍රමසිංහ කැඳවා තිබේ. වේග පන්දු යවන්නකු වන චමිඳු වික්‍රමසිංහ අවශ්‍ය අවස්ථාවකදී පිත්තෙන් ලකුණු කිහිපයක් ලබාගත හැකි ක්‍රීඩකයකු ලෙසින් සැලකෙයි.

තවමත් එක්දින වරම් ලබා නොමැති කෝඩුකාරයකු වන වික්‍රමසිංහ කොදෙව් පිලට එරෙහිව නම්කරන ලද විස්සයි-20 සංචිතයේත් සිටියේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කිරීමට ප්‍රියතාවක් දක්වන වමත් කාරයකු වන වික්‍රමසිංහ පන්දු යවන්නකුට වඩා පිතිකරුවකු වශයෙන් දස්කම් දක්වන්නෙකි.

ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සංචිතයට ඇතුළත්ව සිටියද, අතරමගදී තුවාල ලබා ඉවත්ව ගිය මතීෂ පතිරණ මෙවර එක්දින සංචිතයට ඇතුළත්ව නැත. කුසල් ජනිත් පෙරේරා විස්සයි-20 සංචිතයේ සිටි නමුත් ඔහු එක්දින සංචිතයට ඇතුළත් නොවේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එක්දින තරගාවලිය ලබන 20 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායකයා), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ෂිරාස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button