Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කල අවසන් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වේවිද ? – ටෙස්ට් ක්‍රිකට් අභාවයටද ?

ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරඟ 100 ක් ක්‍රීඩා කල ක්‍රීඩකයින් සිටින්නේ 6 දෙනෙක් පමණි. සනත් ජයසූරිය,මහේල ජයවර්ධන,කුමාර් සංගක්කාර,චමින්ද වාස් හා මුත්තයියා මුරලිදරන්ගෙන් සමන්විත එම ටෙස්ට් තරඟ 100 සමාජයට අලුතින් එක්වූ නවතම සාමාජිකයා වනුයේ ඇන්ජලෝ මැතිව්ස් ය.

මැතිව්ස් ඉකුත් ජූලි මස 24 වැනිදා තම සිය වැනි ටෙස්ට් තරඟය පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කලේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩයිම පසුකල සයවැනි පිතිකරුවා මෙන්ම අවසන් ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසින්ද ඇන්ජලෝගේ නම එම ලැයිස්තුවේ ලියැවීමට ඇති සම්භාවිතාවය අතිශය ඉහලය.

එයට ප්‍රධාන වශයෙන් බලපාන කරුණ වනුයේ ඊයේ ICCය ප්‍රකාශයට පත්කල 2023-2027 ජාත්‍යන්තර තරඟ කාලසටහනට අනුව ශ්‍රී ලංකාවට වෙන්ව ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 28 කට සීමා වී තිබීමයි.

ක්‍රීඩාවේ කෙටි ආකෘතීන් සඳහා බොහෝ ක්‍රීඩකයින් වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් බොහෝ ක්‍රීඩකයින් මීට පෙරදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රටවල් කිහිපයකට පමණක් සීමා වනු ඇති බව කියා සිටියා. ඒ අතරිනුත් අලුබඳුන තරඟාවලියට හා තවත් කණ්ඩායම් සුලු ප්‍රමාණයකට ඉදිරියේදී ටෙස්ට් ක්‍රිකට් සීමා වනු ඇති බව මීට පෙරදී කෙවින් පීටර්සන් පවසා තිබුණි. එය දැනට නම් බොහෝ විට සිදුවිය හැක්කක් බව ඊයේ FTP සටහන පෙන්නුම් කලේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට ටෙස්ට් තරඟ 100 ක් ක්‍රීඩා කිරීමේ කඩයිම ආසන්නයේ දිනේෂ් චන්දිමාල් සිටියි. නමුත් චන්දිමාල් හට එය සාක්ෂාත් කරගත හැකිවේද යන්න විශාල ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.මේ වසර තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ටෙස්ට් තරඟ කිසිවක් නොමැති අතර මෙ වසර අවසන් වන විට චන්දිමාල් වයස අවුරුදු 33 ඉක්මවා යනු ඇත.

ලබන වසරේ සිට 2027 වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ 28 ක් ක්‍රීඩාකිරීමට තිබේ. මේ වන විට තරඟ 70 ක් ක්‍රීඩා කර ඇති චන්දිමාල් හට යම් හෙයකින් ඉතිරි තරඟ සියල්ලම ක්‍රීඩ කලහොත් වයස අවුරුදු 38 ක් වන විට තරඟ 98 ක් ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

ශාරීරික ආබාධ යම් හෙයකින් ඔහුට බාධා කලහොත් තවත් තරඟ කිහිපයක් එයින් කප්පාදු කර දැමෙනු ඇත. මේ දිනවල චන්දිගේ විශිෂ්ඨ රිද්මය දිගින් දිගටම ඔහු පවත්වා ගතහොත් ඔහුට මෙම ටෙස්ට් තරඟ 100 කඩයිම පසු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

කෙසේ නමුත් රිද්මය හා වයස මත ඔහුගේ විශ්‍රාම ගැනීම සියල්ල තීරණය කරනු ඇත. ශාරීරික ආබාධ අඩු ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක රඳවාගන්නා චන්දිමාල් හට බොහෝ විට ටෙස්ට් තරඟ 100 ක් ක්‍රීඩා කල 7 වැනි ලාංකිකයා බවට පත්වීමට හැකි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7