Cricket NewsEXCLUSIVEUnder-19

මෙවර යොවුන් ආසියානු කුසලානයේ පළමු අර්ධ ශතකය චමිඳු වික්‍රමසිංහගෙන් – ශෙවෝන්ගෙනුත් ඊට නොදෙවෙනි දස්කම්.!

මෙවර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකා 19 පහළ යොවුන් කණ්ඩායම සහ කුවේට් 19 පහල යොවුන් කණ්ඩායම් අතරයි.

එම තරඟය මේ වන විටත් පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට ලකුණු රැස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනිායල් සමත් වූයේ පළමු කඩුල්ලට ලකුණු 91ක දැවැන්ත සබඳතාවයක් සමඟිනුයි.

ඒ අනුව මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට චමිඳු වික්‍රමසිංහ සමත් වුණා.

චමිඳු පන්දු 57ක් තුළ ලකුණු 54 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සමග හතරේ පහරවල් 5ක් ඇතුළත් වුණා.

එමෙන්ම මෙවර තරගාවලියේ දෙවන අර්ධ ශතකයද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වූ අතර ⁣ශෙවෝන් ඩැනියෙල් විසින් පන්දු 65 තුළ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරවල් 4ක් ඇතුළත්.

ඒ අනුව මෙවර තරගාවලියේ ආරම්භයේදීම දස්කම් දක්වමින් සටන්කාමී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්ව සිටිනවා.

තරගයේ සජීවී ලකුණු සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button