Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂ නැවතත් එනවද ? නැද්ද ? – සුභ ආරංචියක් එනවද ? – සියලු විස්තර මෙන්න.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

නමුත් භානුක රාජපක්ෂගේ මෙම ඉල්ලීම පිටුපස කිබෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය දැඩි කරමින් කිලෝමීටර දුර ප්‍රමාණය මිනිත්තු 8 කුත් තප්පර 10ක කාලයක් තුළ සිදු කිරීමත් Skin Folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන පරීක්ෂණ මේ වන විට කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ශකයන් විසින් අරඹන ලද # සමාජ මාධ්‍ය මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක අතර “භානුක රාජපක්ෂ සිය ඉල්ලා අස් වීම ඉවත් කරගෙන තිබෙන බව” අද උදෑසන විවිද මාද්‍ය වාර්තා කර තිබුනා.

කෙසේ නමුත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට භානුක රාජපක්ෂ විසින් සිය ඉල්ලා අස් වීම ඉවත් කරගෙන නොමැත.

කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනූව කිඩා අමාත්‍ය වරයාත්, ක්‍රිකට් ආයතනයක් මෙම සමාජ මාධ්‍ය රැල්ල පිළිබඳව විශේෂ උනන්දුවකින් පසු වන අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට “සුභ ආරංචියක්” ඉතා ඉක්මනින් පැමිණිමට නියමිත බව SixCricket අපට මේ වන විට නිශ්චිතව කිව හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button