Cricket NewsEXCLUSIVE

“Ipl තරඟාවලියක් ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට වඩා අමාරු දෙයක්…” – සව්රව් ගංගුලි !

ටෙස්ට් ලෝක ශූරතාවලි අවසන් මහා තරඟය පරාජය වීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පද්ධතිය තුල අස්සක් මුල්ලක් නෑරම ගිණි ඇවිලීම අවසන් දින කිහිපය තුල සුලභ දසුනක් විය.හිටපු පුහුණුකරුවන්ගෙන් හා ක්‍රීඩකයින්ගෙන් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ නායකත්වය විවේචනය කරද්දී හිටපු ඉන්දීය ක්‍රීඩක සව්රව් ගංගුලි රෝහිත් වෙනුවෙන් සිට ගත්තේය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගංගුලි කියා සිටියේ

“විරාත් ඉවත්වීමෙන් පසු තේරීම් කමිටුවට නායකයෙකු අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ රෝහිත් හොඳම ක්‍රීඩකයා විය. ඔහු IPL කුසලාන 5 ක් දිනාගෙන ඇති අතර ජාත්‍යන්තර මට්ටමින් ද හොඳින් දස්කම් දක්වා ඇත. ඔහු ආසියානු කුසලානය දිනුවා. ඔහු හොඳම විකල්පය විය. අපි පැරදුණත් ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඉන්දියාවත් ක්‍රීඩා කළා.”

“වසර දෙකකට පෙර පවා අපි WTC අවසන් තරගය පරාජයට පත් වුණා. අපි T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ආවා. ඒ නිසා තේරීම් කමිටු නිලධාරීන් එම කාර්යයට සුදුසුම පුද්ගලයා තෝරා ගත්තා”

“මට රෝහිත් ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඔහු සහ එම්එස් දෝනි IPL ශූරතා 5ක් දිනාගෙන තිබෙනවා. IPL තරඟාවලිය ජයග්‍රහණය කිරීම පහසු දෙයක් නොවන්නේ එය දුෂ්කර තරඟාවලියක් බැවිනි. IPL ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවාට වඩා දුෂ්කර කාර්යයක් වන්නේ තරඟ 14කින් පසුව ඔබ ප්ලේ-ඕෆ් තරඟ සඳහා සහභාගී වන බැවිනි. ලෝක කුසලානයේදී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවශ්‍ය වන්නේ තරග 4-5ක් පමණි. IPL තරඟාවලියේදී ඔබට ශූරයන් වීමට තරඟ 17ක් අවශ්‍යයි,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
0
+1
63
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button