Cricket NewsEXCLUSIVEMatch Review

පසුපෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය සමගින් බංගලදේශය පරාජය කළ ශ්‍රී ලංකාව Super 4 වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟයක හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ යොවුන් ක්‍රීඩක Afif Hossain පන්දු 22කදී ලකුණු 39ක් වාර්තා කිරීමට සමත් වුනා. Mehidy Hasan ලකුණු 38ක් රැස් කළ අතර Mahmudullah ලකුණු 27ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 184ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 184ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 37ක් තුල වෙගවත් ලකුණු 60ක් රැස් කල අතර නායක දසුන් ශානක ලකුණු 45ක්, පැතුම් නිස්සංක ලකුණු 20ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේදී Ebadot Hossain කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනූව බංගලදේශ කණ්ඩායම සහභාගි වූ තරඟ දෙකම පරාජය වීම හේතුවෙන් ඔවුන් තරඟාවලියෙන් ඉවත් වන අතර B ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සුපිරි 4 දෙනාගෙ වටයට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7