Cricket NewsEXCLUSIVE

“දඟ පන්දු යවන්නන් NO-Ball යවන එක ලොකු අපරාධයක්, කිසිම නායකයෙකුට ඔවුන්ගේ කණ්ඩායමෙන් NO-Ball අවශ්‍ය නැහැ” – බංගලාදේශ නායක ෂකිබ් අල් හසන්

ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතර දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. එමෙන්ම වාර්තා අතරට එක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟයක හඹා ගොස් ජයගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පරාජය ගැන ආවර්ජනය කරමින් ෂකීබ් අවධාරණය කළේ මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර බංග්ලාදේශය අතිශයින් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවයි.

“අප පසුගිය මාස හය ක්‍රීඩා කල ආකාරය දෙස බැලුවහොත්, අපි තරඟකාරී නැහැ, ලෝක කුසලානය වෙනස් අභියෝගයක් වේවි අපිට, අපට හොඳින් කිරීමට අවශ්‍ය නම් අපි සෑම අංශයක්ම අප දියුණු කර ගත යුතුයි.”

අවසන් පන්දුවාර (Death Overs) බංග්ලාදේශ පන්දු යැවීම සම්බන්ධයෙන් ද ෂකීබ් අවධානය යොමු කළ අතර ඔහු මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය.

“අපි වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වනවා Death බෝල් කිරීම, එම කොටස අපට මඟ හැරුණු අතර එතනින් අපට තරඟය අහිමි වුනා. අවසන් ඕවර දෙකේදී ඔවුන්ට ලකුණු 18ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් එය ලබා ගත්තේ පන්දු 5ක් ඉතිරිව තිබියදීය. එයින් පෙන්නුම් කරන්නේ Death Overs හිදී අප දුර්වල බවත් මැද ඕවරයේදී අපි දක්ෂ බවත්ය. කිසිම නායකයෙකුට ඔවුන්ගේ කණ්ඩායමෙන් නොබෝල් අවශ්‍ය නැහැ, දඟ පන්දු යවන්නෙක් නොබෝල් යවන එක ලොකු අපරාධයක්.අපි අද වයිඩ් සහ නොබෝල් ගොඩක් දැම්මා.අපි විනයගරුක වුණේ නැහැ.අපි පීඩනයට පත්වුණාම මොනවා කරන්නද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button