Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය ඇරඹීමට දින දෙකක් තිබියදී දේශිය විකාශය වසන්තම් TV වෙත – PEO TV පාරිභෝගිකයන්ට සුභ පණිවිඩයක්.!

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනිය විසින් හිමිකරගෙන ඇති බව අප මීට පෙර ඔබ වෙත තහවුරු කර සිටියා.

කෙසේ වෙතත් අද දිනයේදී ස්වාධීන රූපවාහිනී සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සියලු තරඟ සජීවීව සිය වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන බවයි.

වසන්තම් TV නාලිකාවේ විකාශන ආවරණය ශ්‍රී ලංකාව පුරා විහිදී ගොස් නොමැති වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ප්‍රෙක්ශකයන් ඒ සම්භන්දයෙන් දක්වන්නේ එතරම් සුබ වාදී අදහස් නොවේ.

කෙසේ නමුත් කඩිනමින් මේ වන විට වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපයන් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බව ස්වාධීන රූපවාහිනී සේවය තහවුරු කර සිටිනවා

කෙසේ නමුත් SLT PeoTv පාරිභෝගිකයන්ට Channel අංක 5 හෙවත් චරණ TV ඔස්සේ මෙවර ආසියානු කුසලාන සියලු තරග සුපිරිසිදු HD තාක්ෂණය ඔස්සේ නොමිලේම නැරඹීමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button