Cricket NewsEXCLUSIVELegends Series

අතිත ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු ක්‍රිඩා කරන “ආසියානු සිංහයන්” පරාජය කළ World Giants කණ්ඩායම Legends Leagueයේ පෙරමුණට.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

තරගාවලියේ 5වන තරගය ලෙස අද World Giants සහ Asian Lions කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට World Giants කණ්ඩායම සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ World Giantsකණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Asian Lions කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Asian Lions පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

Asghar Afgan ලකුණු 41 ක් රැස් කිරීමට සමත් වූ අතර රොමේෂ් කළුවිතාරණ ලකුණු 26 ක් සහ උපුල් තරංග ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Morne morkel සහ Ryan Sidebottom කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 150ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි World Giants කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

World Giants වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ කෙවින් පීටර්සන් පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 86ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහරවල් 7ක් සමඟ හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.

Kevin o brien ලකුණු 31 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මුත්තයියා මුරලිදරන් විසින් කඩුලු දෙකක් හෙලුවා.

ඒ අනුව කඩුලූ 7 ක ජයග්‍රහණයක් World Giants කණ්ඩායමට හිමි වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ද ප්‍රථම ස්ථානය කරා ඉදිරියට පැමිණීමට World Giants කණ්ඩායම සමත්වුණා.

තරගයේ වීරයා සම්මානය පන්දු 38කින් වේගවත් ලකුණු 86ක් රැස්කළ කෙවින් පීටර්සන් හට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7