Cricket NewsDomestic CricketEXCLUSIVE

නිරෝෂන් දික්වැල්ලගේ සටන්කාමි පිතිකරණය හේතුවෙන් National Super Leagueයේ කැන්ඩි සිය පළමු ජය වාර්තා කරයි.!

නිරෝෂන් දික්වැල්ලගේ වේගවත් ආරම්භයත් මැද පෙළින් පැමිණි කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රවේගකාරී ඉනිමත් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (26 දා) කොළඹ එස්. එස්.සී. පිටියේදී ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 246ක් රැස් කිරීමට සමත් වුනා.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් නැවතත් සාර්ථක වුණු ළහිරු තිරිමාන්න පන්දු 74 කදී ලකුණු 56 ක් රැස් කරගනිද්දී සංතුෂු ගුණතිලක පන්දු 50 කදී ලකුණු 45 ක් රැස් කර ගැනීමට සමත් වුනා.

LPL 2021 තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මාය දිනාගත් ජනිත් ලියනගේ පන්දු 63 කදී ලකුණු 41 ක ලබා ගත්තේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවට ඔසවාතබමිනි.

පන්දු යැවීමේදී කැන්ඩි කණ්ඩායමේ නිපුන් රන්සිංක ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බට පත්වද්දී අසිත ප්‍රනානදු සහ පුලින තරග කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 247 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායම ඕවර 39.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

පැතුම් නිස්සංක සමඟින් පළමු කඩුල්ලට පන්දු 86 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩ නැඟූ නිරෝෂන් දික්වැල්ල කැන්ඩි කණ්ඩායමට හඹා යෑම සඳහා සාර්ථක ආරම්භයක් තනා දීමට සමත් වුනා.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දික්වැල්ලත් පැතුම් නිස්සංකත් ලකුණු 3 ක් ඇතුළත දැවී යෑම හඹා යෑමට තරමක පහරක් එල්ල කරවන්නක් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 136 ක තිබියදී ඕෂද ප්‍රනාන්දුද දැවී යෑම කැන්ඩි පිලට තරමක කණස්සල්ල දනවන්නක් විය.

එහෙත් කමිඳු මෙන්ඩිස්ට එක්වූ කමිල් මිශාර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 43 ක්ද කමිඳු මෙන්ඩිස් ට එක් වූ සහන් ආරච්චිගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී නොබිඳුණු ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

කමිල් මිශාර පන්දු 52 කදී ලකුණු 34 ක්ද සහන් ආරච්චිගේ පන්දු 35 කදී නොදැවී ලකුණු 28 ක්ද රැස් කළහ.

නිරෝෂන් දික්වැල්ල පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 69 ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57 ක්ද ලබා ගනිමින් කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට වැඩි දායකත්වයක් දැක්වුවා.

තරගයේ වීරයා සම්මානය හිමි වුයේ නිරෝෂන් දික්වැල්ල හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7