Cricket NewsEXCLUSIVE

“ඇත්තටම කඩුලු දඟ කැවෙනවා. දඟ නොකැවෙන කඩුලු ලැබෙන සමහර ලීග් වලට වඩා මම මේ තරගාවලිය විඳිනවා.” – LPL තරඟාවලිය ගැන අදහස් දක්වන ටබ්‍රේස් ශම්සි !

මෙවර LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ අද කොළඹඳී ආරම්භ විය.අද තරඟය වන විට තරඟාවලියේ කඩුලු ලාභීන් අතර වනිඳු හසරංග සමඟින් සමතැන රැඳෙමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ටබ්‍රේස් ශම්සි.

මෙවර තරඟාවලියේ කොළඹ ක්‍රීඩා කල තරඟ සියල්ලෙහිම පාහේ තණතීරු වඩාත් දඟ කැවෙන තත්වයක් නිර්මාණය වී තිබුණි.

ක්‍රීඩා ලෝලීන් මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ද කනස්සලකින් යුතුව මෙම තත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් ශම්සි මෙවර තරඟාවලියේ ඔවුන් ලද තණතීරු පිළිබඳව සතුටු වන බවයි ප්‍රකාශ කලේ

“ඇත්තටම කඩුලු දඟ කැවෙනවා. දඟ නොකැවෙන කඩුලු ලැබෙන සමහර ලීග් වලට වඩා මම මේ තරගාවලිය විඳිනවා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button