Cricket NewsDomestic CricketEXCLUSIVE

නම්දැරූ ක්‍රීඩකයින් රැසක් අභිබවමින් යොවුන් ක්‍රිකට් තරු සිය දක්ෂතාවයන්ගෙන් වර්ණ සංග්‍රාමය අතික්‍රමණය කරයි.!

පසුගිය සඳුදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ තරඟ 4 ක් අවසන් වන විට ලකුණු ලාභීන් අතර පෙරමුණ හා කඩුලු ලාභීන් අතර පෙරමුණ දිනාගන්නට කුසල් මෙන්ඩිස්ගේ රතු බලකායේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සමත්ව තිබීම විශේෂත්වයක් .

පළමු දිනයේ සිටම දඟපන්දු යවනන්න්ගේ පාරාදීසයක් බවට ආර්.ප්‍රේමදාස පිටිය පත් වූ නමුත් සාර්ථක අන්දමින් තරඟාවලියට පිවිසෙන්නට SLC Reds කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් විය.

ඒ තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ලබාගනිමිනි. තරඟ දෙකක් අවසානයේදී අසිතගේ කඩුලු මල්ලට කඩුලු 6ක් එක් කරගනිද්දී තරඟාවලියේ හොඳම පන්දු යැවීමද ඔහු තම නම ඉදිරියෙහි සටහන් කරගත්තේය.ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 5 ක් හා ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 3 ක් ලබාගනිමින් පිලිවෙලින් එම ලැයිස්තුවේ දෙවන හා තෙවැනි ස්ථාන වල පසුවෙයි.

මේවන විට ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට SLC Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන යොවුන් ක්‍රීඩක ලසිත් කෲස්පුල්ලේ සමත්වූයේ තරඟාවලියේ පළමු අර්ධශතක ලාභියාද වෙමිනි.

ඉනිම් දෙකක් අවසානයේදී තම නම ඉදිරියේ ලකුණු 85 ක් සටහන් කරගන්නට කෲස්පුල්ලේ සමත් විය.තරඟාවලියේ හොඳම පෞද්ගලික ඉනිමේ හිමිකරුවන නිරෝශන් දික්වැල්ල ලකුණු 76 ක් ලබාගනිමින් ලකුණු ලාභීන් අතර දෙවැනි තැන පසුවෙයි.

අශේන් බණ්ඩාර හා කුසල් මෙන්ඩිස් ලකුණු ලභීන් අතර තෙවැනි තැන පසුවන්නේ ලකුණු 64 බැගින් ලබාගනිමින් .

තරඟාවලියේ තීරණාත්මක මීළඟ තරඟ හතර හෙටින් ආරම්භ වීමට නියමිතව ඇති අතර බොහෝ නම්දැරූ ක්‍රීඩකයින් පසු කරමින් යොවුන් ක්‍රීඩකයින් දක්ශතා අතරට පැවිසීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7