Cricket NewsEXCLUSIVEILT20

දැවැන්ත වාණිජ වටිනාකමක් සහිතව ක්‍රිකට් ලෝකයට එන අලුත්ම ලීගය UAE ILT20 තරඟාවලියේ ප්‍රධාන ක්‍රීඩකයෙක් ලෙසට දසුන් ශානකව නම් කරයි.!

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟ කදිම සාදකයක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව ෆ්රන්චයිස් ක්‍රිකට් ලිග් තරඟාවලින් අතරට එක් වන අලුත්ම තරඟාවලිය ILT20 හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැත්වීමට සැලසුම් කරන අලුත්ම ජාත්‍යන්තර විස්සයි-20 ලීගය International League T20 තරඟාවලිය සඳහා ගිවිසුම් ගත වූ තවත් ක්‍රීඩකයින් පිරිසකගේ නම් Emirates ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කරනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ අද නිවේදනය කළ එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවිස්සයි-20 සහ එක්දින කණ්ඩායම් නායක දසුන් ශානක ගේ නම ඇතුළත්ව තිබීමයි. එය තව තවත් විශේෂ වන්නේ දසුන් ශානක මෙවර ILT20 තරඟාවලිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ ප්‍රධාන ක්‍රීඩකයින් (Marquee Players) අතරට ඇතුළත් වීමයි.

Kieron Pollard, Nicholas Pooran, Dwayne Bravo, Ollie Pope හා Fazalhaq Farooqi දසුන් ශානකට අමතරව මෙම ලයිස්තුවේ සිටිනවා. මේ සමග ILT20 තරඟාවලිය සඳහා එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන 9ක් දක්වා ඉහළ ගියා.

දසුන් ශානකට අමතරව මෙම තරඟාවලියට එක් වන ප්‍රධාන ක්‍රීඩකයින් (Marquee Players) ලෙසට Emirates ක්‍රිකට් ආයතනය වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂව ද මිට පෙර නම් කරනු ලැබුවා.

ඊට අමතරව ලහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න, චරිත් අසලංක, ඉසුරු උදාන හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් ද මෙම තරගාවලිය සදහා ගිවිසුම්ගත ව සිටිනවා.

එමෙන්ම අද දිනයේ නිවේදනය කළ සියලුම ක්‍රීඩක ලැයිස්තුව පහතින්

ප්‍රධාන ක්‍රීඩකයින් (Marquee Players)

Kieron Pollard, Nicholas Pooran, Dwayne Bravo, Ollie Pope, Fazalhaq Farooqi

ගිවිසුම් අත්සන් කර ඇති සෙසු ක්‍රීඩකයින් 

Will Smeed, Rehan Ahmed, Jordan Thompson, Sheldon Cottrell, Andre Fletcher, Tom Kohler-Cadmore, Bas de Leede, Chris Benjamin හා Bilal Khan.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button