Cricket NewsEXCLUSIVEInternational

යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගැනීම ඉලක්ක කරමින් ප්‍රථම වරට යොවුන් ප්‍රිමියර් ලිග් තරඟාවලියක්.!

යොවුන් ක්‍රීඩකයන් ඉලක්ක කරගනිමින් ‘පාකිස්තාන ජූනියර් ලීග්’ නමින් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සැලසුම් සකස් කරමින් සිටී. මෙම තරගාවලිය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඔක්තෝම්බර් 1 සිට 15 දක්වා පැවැත්වෙනු ඇත.

මෙම තරඟාවලියට නගර පදනම් කරගත් කණ්ඩායම් හයක් ඇතුළත් වන අතර සමස්ත තරගාවලියට තරඟ 19 ක් ඇතුළත් වේ.

දේශීය වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් මෙන්ම විදේශීය යොවුන් ක්‍රීඩකයින්ද මෙම තරගාවලියට එක්වනු ඇත.

ක්‍රීඩක වෙන්දේසියක් මගින් තරගාවලිය සඳහා ක්‍රීඩයන් තෝරා ගැනීමට නියමිතව ඇත.

සෑම කණ්ඩායමක් සඳහාම පුහුණුකරු හෝ උපදේශකයකු ලෙස සුපිරි ක්‍රිකට් තරුවක් තෝරා ගන්නා අතර එමඟින් එම කණ්ඩායම්හී යොවුන් ක්‍රීඩකයන්ට ඔහුගෙන් දැනුම ලබාගැනීමේ අවස්ථාවක් හිමිවේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් තිදෙනකු මේ වන විටත් ‘පාකිස්තාන ජූනියර් ලීග්’ තරගාවලියේ කණ්ඩායම්වල හිමිකාරිත්වය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 15 සිට 19 දක්වා වයස් සීමාවන් වල පසුවන ක්‍රීඩකයන් තරගාවලිය සඳහා තෝරා ගැනිමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ අවධානය යොමුවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button