Cricket NewsEXCLUSIVEIPL

වනිදු හසරංගගේ RCB ට එරෙහිව Yuzvendra Chahalගේ Rajasthan Royals තරඟ වදින IPL පිටියේ මායාකාරී දඟ පන්දු සංග්‍රාමය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 39වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Rajasthan Royals හි නායකත්වය Sanju Samson විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Rajasthan Royals ඔවුන් සහබාගි වූ තරඟ 7න් තරඟ 5ක් ජයග්‍රහණය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ 8කට සහබාගි වී ඉන් තරඟය 5ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Rajasthan Royals සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Anuj Rawat, Faf du Plessis (c), Virat Kohli, Glenn Maxwell, Suyash Prabhudessai, Shahbaz Ahmed, Dinesh Karthik (wk), Harshal Patel, Wanindu Hasaranga, Josh Hazlewood, Mohammed Siraj

Rajasthan Royals –

Jos Buttler, Devdutt Padikkal, Sanju Samson (c&wk), Shimron Hetmyer, Riyan Parag, Karun Nair, Ravichandran Ashwin, Trent Boult, Obed McCoy, Prasidh Krishna, Yuzvendra Chahal

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7