Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ නායකත්වය ස්මිත්ට

නිත්‍ය නායක පැට් කමින්ස් වළලුකර ආබාධයකින් පීඩා විඳීම හේතුවෙන් ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයකු වන ස්ටීවන් ස්මිත්ට ලබා දීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ට්‍රැවීස් හෙඩ් එහිදී ඔහුගේ උප නායකයා ලෙස කටයුතු කරනු ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ්ගේ ආබාධ තත්ත්වයද තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොමැති බැවින් තවදුරටත් ඔහු විවේක ගන්වා ඇති ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව, ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සංචිතියෙන් මිචෙල් මාෂ් ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.

මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ් සහ ෂොන් ඇබට් මෙම තරගාවලියට සහභාගි වන ප්‍රධාන පෙළේ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නනෝ වෙති. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී නේදන් ලයන්ගේ සහයට ටොඩ් මර්ෆි සහ මැට් කුනෙමන් දඟ පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.

ඉන්දීයාවට එරෙහිව ලැබූ 3-1 ක ජයත් සමග ජූනි මාස එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ලෝක කුසලාන අවසන් මහ තරගයට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගි වන අවසන් තරගාවලිය වනු ඇත.

ඕස්ට්‍රේලියානු සංචිතය 
ස්ටීවන් ස්මිත් (නායක), උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටස්, මානස් ලැබුෂේන්, ට්‍රැවීස් හෙඩ්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉංග්ලිෂ්, නේතන් මැක්ස්වීනී, බියූ වෙබ්ස්ටර්, නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, කූපර් කොනොලි, ටොඩ් මර්ෆි, මැට් කුනෙමන්, ෂෝන් ඇබට් සහ ස්කොට් බෝලන්ඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button