Cricket GossipCricket NewsEXCLUSIVEInternational

දුව ක්‍රිකට් නිසා මැරුණා කියන්නේ කොහොමද? – කෝලි නිසා මියගිය දියණිය ගැන පියා කියු කතාව

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේදී විරාත් කෝලිගේ දැවීයාම දුටු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඩියෝරියා දිස්ත්‍රික්කයේ ගැහැනු ළමයෙක් කම්පනයට පත්ව එම ස්ථානයේදීම මියගිය ශෝචනීය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රියංකා නම් වූ ඇය සිය පවුලේ අය සමඟ ඉන්දියා – නවසීලන්ත අවසන් තරගය නරඹමින් සිටි අතර, ප්‍රියංකාගේ පියා අජේ පාණ්ඩේ ඇතුළු මුළු පවුලම ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් සිටියහ. මේ අතරතුර කෝලි එක් ලකුණකට දැවී ගිය විට, ප්‍රියංකා මුලින්ම ක්ලාන්ත වී ඇදවැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. ප්‍රියංකාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පසුව වෛද්‍යවරු තහවුරු කළහ.

ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව කඩුලු 4කින් නවසීලන්තය පරාජය කරමින් ඉතිහාසය අලුතින් ලියද්දී ප්‍රියංකා සදහටම දෑස් පියාගෙන අවසන්ය. සිහිසුන්ව ඇදවැටුණු 14 හැවිරිදි ප්‍රියංකා රෝහලට ගෙන එන විටත් මිය ගොස් සිටි බව ප්‍රකාශ විය. ප්‍රියංකාගේ පියා තම දියණියගේ අවසන් කටයුතු කිරීමෙන් පසු පවසා ඇත්තේ දියණියගේ මරණය ක්‍රිකට් තරගය නිසා සිදු නොවූ බවයි. “දුව මියයද්දී කෝලි දැවී ගොස් තිබුණත් ඉන්දීය පිල නරක තත්ත්වයක හිටියේ නෑ. ඒ නිසා මරණය ක්‍රිකට් නිසා වුණා කියලා කියන්නේ කොහොමද?” අජේ පාණ්ඩේ මාධ්‍යයට පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button