Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

එංග­ල­න්තය, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව පරා­ජය කළා වගේ මේ තර­ගා­ව­ලි­යත් හොදින් අවසන් කරන්න සූදානම් – කොදෙව් තරගාවලියට පෙර චමරි කියයි

“ කාන්තා ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 6ක් තිබෙ­නවා. එයින් 5ක් දිනා ගත්තොත් සෘජු­වම ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබන්න පුඵ­වන්. අපට හොඳ යොවුන් ක්‍රීඩි­කා­වන් ඉන්නවා. විශ්මි ගුණ­රත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි පැහැ­දිලි අනා­ග­ත­යක් ඇති ක්‍රීඩි­කා­වන්. පසු­ගිය වසර එක­හ­මා­රක කාල­ය­කදී එංග­ල­න්තය, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව පරා­ජය කළා. මේ තර­ගා­ව­ලි­යත් ඉතා හොඳින් අව­සන් කිරී­මට සූදා­නම්“ චමරි පැවැ­සූ­වාය. “පසු­ගිය විස්සයි20 ලෝක කුස­ලා­න­යේදී අපට අව­සන් පූර්ව වට­යට එන්න බැරි වුණා. මෙවර ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 12ක් තිබෙ­නවා. කොදෙව්වන් සමඟ තරග 3ක්, අය­ර්ල­න්තය සමඟ තරග 2ක් හා ආසියානු කුස­ලා­න­යේදී තරග 7ක් ලෝක කුස­ලා­න­යට පෙර තියෙ­නවා. බංග්ලා­දේ­ශයේ ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන නිසා දඟ පන්දු­වට තර­මක් වාසි ලැබෙයි. අපේ දඟ පන්දු යැවීමේ අංශය හොඳයි. පිති­ක­ර­ණය තව ටිකක් දියුණු මට්ට­මට ගෙන ආ යුතුයි. අපේ ක්‍රීඩි­කා­වන් හොඳ කැප­වී­මක් කර­නවා“ ශ්‍රී ලංකා නායි­කා­වගේ අද­හස වූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button