Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

මේක පුහුණු තරගයක්..! මේ තණතීරු වල අපි ලොකුවට ක්‍රීඩා කරලා නැ. – නෙදර්ලන්තය සමග පරාජය ක්‍රිකට් රසිකයකුගෙ ඇසින්.

නෙදර්ලන්තය එක්ක තිබ්බ පලවෙනි පුහුණු තරගයේ අපේ කොල්ලෝ පරදිනවා.
මේක පුහුණු තරගයක්..!
මේ තණතීරු වල අපි ලොකුවට ක්‍රීඩා කරලා නැ..
ඉතිං කන්ඩිශන් වලට හුරු වෙලා තණතීරු හදුනාගන්න මේ පුහුණු තරග හොඳ අවස්ථාවක්..!
ඒ වගේම නෙදර්ලන්තය එක්ක අපිට මේ ලෝක කුසලානයේ තරගයකුත් තියෙනවා. ඉතිං අපේ ඉන්න හොදම පන්දු යවන්නන් දෙන්නා මහීෂ් සහ වනිඳු පන්දු යවපු නැති එක උපක්‍රමයක් වෙන්නත් පුළුවන්…!
ඒ වගේම අපි මේ තරගයේදී අපේ ඉන්න අනිත් පන්දු යවන්නෝ පාවිච්චි කරලා බැලුවා. කමිඳු , අසලංක වගේ අයටත් පන්දු යවන්න අවස්ථාවක් දීලා බැලුවා. සාර්ථකයි..!
පතිරණ ආබාධ තත්ත්වයකින් සුව වුනු ගමන් නිසා රෙස්ට් කරා වෙන්න පුළුවන්…! නැත්නම් උපක්‍රමයක් විදියට තියාගත්තා වෙන්නත් පුළුවන්…!
මේ ක්‍රීඩාංගණයේ අපිට නේපාලය එක්ක තරගය ක්‍රීඩා කරන්න ලැබෙනවා. ක්‍රීඩාංගණයේ ඉතිහාසය බැලුවොත් හුගාක්ම තරග දිනලා තියෙන්නේ මුලින්ම පන්දුවට පහර දෙන අය. ඊයේ පුහුණු තරගයෙත් ඒක ඒ විදිහටම වුනා.
ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. අපේ බැටිං වල,
මේ පුහුණු තරගයේදී අපේ පිතිකරුවන් මොන වගේ උපක්‍රම අලුතින් අත්හදා බැලුවද කියන්න දන්නේ නැ…
හැබැයි මේ ක්‍රීඩාංගණයේ මීට කලින් පැවති තරග ඉතිහාසය එක්ක බලද්දී මේ ක්‍රීඩාංගණය පිතිකරුවන්ට හොඳ තණතීරු සකසන ක්‍රීඩා පිටියක්..
මේ පුහුණු තරගයටත් ලැබුනේ එවැනි පිතිකරුවන්ට හොඳ තණතීරුවක් නම් අපේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා.
එක අතකට මෙහෙම පරාජය ලබපු එකත් හොදයි.
අපේ අඩුපාඩු හදාගන්න මේක හොඳ අවස්ථාවක්..!
ඉක්මනින්ම අපේ පිතිකරුවන් මේ තණතීරු හැසිරෙන විදිහ ගැන අවබෝධ කරගෙන ඒ තණතීරු වලට සරිලන විදියට හැඩ ගැහෙන්න වෙනවා.
මොකද Group Stage තරග බොහොමයක් තියෙන්නේ අපිට නුපුරුදු USA තණතීරු වල,
බලාගෙන ඉමු ! මොකද වෙන්නේ කියලා ❤️

✍ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button