Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව අවසන් තරගයට සුදුසුකම් ලබයි

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හෙට (2) කොක්ස් බසාර්හිදී පැවැත්වෙන අවසන් තරගයට සත්කාරකයන් සමඟින් සුදුසුකම් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊයේ කොක්ස් බසාර්හිදී පැවති මූලික වටයේ අවසන් තරගයෙන් පාකිස්තාන 19න් පහළ කාන්තා පිලට එරෙහිව කඩුලු 4ක ජයක් සමඟින් බංග්ලාදේශ පිල අපරාජිතව අවසන් තරගයට පිවිසි අතර, මේ පරාජය සමඟ පාකිස්තාන පිල ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූයේ කිසිදු ජයග්‍රහණයක් නොමැතිවය. ශ්‍රී ලංකා පිල මූලික වටයේදී බංග්ලාදේශය පිල හමුවේ තරග දෙකම පරාජය වුවද පාකිස්තානයට එරෙහිව පෙරේදා (30) පැවති දෙවැනි තරගය ලකුණු 31කින් ජය ගැනීමට සමත් විය. දෙපිල අතර පළමු තරගය අත්හැර දැමූ අතර, මේ සමඟ ප්‍රසාද ලකුණු 3ක් සමඟින් දෙවැනි ස්ථානයෙන් අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදා විය.

පෙරේදා පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල කඩුලු 2ක් දැවී ලකුණු 134ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තාන පිලට ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 103ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 71ක් රැස් කළේ හතරේ පහර 11ක් සමඟ පන්දු 55කිනි. නෙත්මි පූර්ණා ලකුණු 35ක් සහ නායිකා මනුදි නානායක්කාර නොදැවී ලකුණු 17ක් රැස් කළාය. පාකිස්තානයට එරෙහිව ලකුණු 16කට කඩුලු 2ක් දවා ගැනීමට රශ්මිකා සෙව්වන්දි සමත් වූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7