Cricket GossipCricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ආසියානු ශූරියන්ට 96 ලෝක ශූර නායක අර්ජුණගෙන් සුබ පැතුම්

රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් අකුරින් ලියා තැබූ චමරි අතපත්තු ඇතුළු කණ්ඩායමට 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සිය සුබපැතුම් එක් කළේය. මුහුණු පොතේ සටහනක් තබමින් අර්ජුන රණතුංග මෙසේ සුබපැතුම් එක් කළේය.

‘2024 ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා පිලට මගේ සුබපැතුම්. තරගාවලිය පුරා ඔබ සැමගේ දස්කම් සුවිශේෂයි. මේ ප්‍රතිඵලය අපට පෙන්වා දුන්නේ ඔබලාගේ කැපවීම හා බැඳීමයි. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම බලාපොරොත්තුවක්ම බිඳ වැටී තිබුණු මොහොතක ඔබ සැම මුළු ජාතියම ආඩම්බරයට පත් කළා. නායිකාව ලෙස කණ්ඩායමට තිබෙන කැපවීම සම්බන්ධයෙන් චමරි අතපත්තුටත් අපේ කෘතවේදිත්වය පුද කළ යුතුයි. මේ ජයග්‍රහණය නායිකාව හැටියට ඔබේ ඇති හැකියාව ගැන කදිම නිදසුනක්. මම ඔබේ අනාගතයට සුබ පතනවා.

මේ විශේෂ සටහන අවසන් තරගයේදී දැක්වූ කැපී පෙනෙන දක්ෂතා ගැන හර්ෂිතා පැසසුමට ලක් කරන්නයි. ඔබගේ ඉනිම, ඔබ ක්‍රීඩා කළ ආකාරය ශ්‍රී ලංකාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඔබේ හැකියාව සහ බැඳීම පෙන්නුම් කළා. ඔබේ ඉදිරියෙන් දීප්තිමත් අනාගතයක් තිබෙනවා. ඔබේ අවධානය ඒ සඳහා යොදවන්න. තමන්ගේ රට නියෝජනය කිරීමට සමාන කරන්න තවත් දෙයක් නෑ. කණ්ඩායමට ශක්තියක් ගෙන දුන් පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ සුබ පැතුම්. විශේෂයෙන් රුමේෂ්ට (රුමේෂ් රත්නායක) මේ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ ඔබේ කැපවීම, බැඳීම හා උද්‍යෝගයයි. ඔබ තවදුරටත් මේ ගැහැනු ළමයින්ට මඟ පෙන්වනු ඇතැයි ද, ඔවුන්ගේ සැබෑ හැකියාවන් තවදුරටත් ඉස්මතු කරගනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
1
+1
6
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button