Cricket NewsEXCLUSIVE

එල්ලවූ චෝදනා සියල්ලෙන්ම දනුශ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කරයි! පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙයි!

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය.එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ.

කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල අතර එහි සඳහන් වූයේ දනුශ්ක ගුණතිලක එම චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස කිහිපයකදී ඔහුට පැනවූ තරඟ තහනම හකුලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button