Cricket NewsEXCLUSIVEInternational

කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ ශ්‍රි ලංකාව සහභාගි වෙන පලමු පෙරහුරු තරගය හෙට

විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය ආරම්භ වීමට පෙර පැවැ­ත්වෙන පුහුණු තරග හෙට (21) අබු­ඩා­බි­හිදී ආරම්භ වෙයි.

කණ්ඩා­යම් 10ක් එක් වන තර­ගා­ව­ලියේ පුහුණු තරග 10ක් හෙට (21) සහ 23 වැනිදා පැවැ­ත්වෙන අතර, එහිදී එක් කණ්ඩා­ය­මක් තරග දෙකක් ක්‍රීඩා කරයි.

පුහුණු තරග ආරම්භ කර­මින් ශ්‍රී ලංකා පිල හෙට නෙද­ර්ල­න්ත­යට එරෙ­හිව ටොල­රන්ස් ඕවල් පිටි­යට පිවි­සෙයි. දිවා රාත්‍රි තර­ග­යක් ලෙස පැවැ­ත්වෙන මේ තර­ගය මෙරට වේලා­වෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නිය­මි­තය.

මේ කණ්ඩා­යම් දෙක මින් පෙර 2013 වසරේ විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ග­යෙන් හමුවූ අතර, එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා­වට ලකුණු 33ක ජයක් හිමි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button